University Student කෙනෙක් ට ලැබෙන lottery එකක් ගැන තමයි අද කතා කරන්නේ.ඒක තමයි Student E-Mail එක කියන්නෙ. ගොඩක් අයට මේක ලැබුනට ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. සමහරු දන්නෙ නෑ මේක හරියට use කරන්න. ඉතින් මං හිතුවා දන්නේ නැති අයට දැනගන්නයි දන්න අයට confirm කරගන්නයි මේක ගැන කතා කරන්න.

ඉස්සෙල්ලම කියන්නම් සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන් මොනවද කියලා.

1. Microsoft Office 365 Education

මේකට OneDrive සමග 1TB Cloud storage එකක්ද ලැබෙනවා.

2. GitHub Student Developer Pack

GitHub එකේ Pro version එක ඔයා campus එකෙන් out වෙනකම්ම free ගන්න පුලුවන්. ඒත් එක්කම ඔයාට තව ගොඩක් services free ලැබෙනවා.

3. Figma for students

Designing(UI ඇතුලු) සඳහා මේ software එක use කරනවා.

4. JetBrains software collection

PyCharm , PhPStorm, CLion , IntellijIdea , WebStorm , GoLand , DataSpell වගේ softwares coding කරන අයට ගොඩක් වැදගත් වෙනවා. මේ ඔක්කොම අවුරුද්දකට නොමිලේ ගන්න පුළුවන්. හැබැයි හැම අවුරුද්දෙ ම renew කරන්න ඕන එයාලා එවන මේල් එකෙන් ගිහිල්ලා.

5. Autodesk for educators

Architecture සහ Engineering සිසුන්ට වැදගත් software එකක්. අවුරුද්දක් නොමිලේ use කරන්න පුළුවන්. ඊට පස්සේ renew කරන්න ඕනි. මේකට 3ds Max, Maya, AutoCAD වගේ applications ද ඇතුළත් වෙනවා.

6. Microsoft Azure for students

Cloud computing ඉගනගන්න ගන්න අයට මේක මාර විදිහට වටිනවා. 100$ credits free අවුරුද්දක් use කරන්න හම්බෙනවා. මේකත් අවුරුද්දක් use කරන්න පුළුවන්. ඊටපස්සේ renew කරන්න ඕනි.

7. RoboForm

එක එක sites වල Browse කරනකොට log වෙන්න දුන්න passwords අමතක වෙනවද ? මෙන්න passwords save කරලා තියාගන්න software එකක්. මේක අවුරුද්දක් නොමිලේ use කරන්න පුළුවන්.

8. Amazon Prime

මාස 6 ක් පුරාවට නොමිලේ Amazon Prime සේවාව ලබාගන්න පුළුවන්.

9. AWS Educate

Amazon Web services එහෙම නැත්තං Cloud computing ඉගෙන ගන්න අයට free use කරන්න පුළුවන්.

දැන් අපි බලමු discounts ගන්න පුළුවන් මොනාද කියලා.

1. Spotify student discount

මෙහිදී ඔබට 50% discount එකක් ලබාගන්න පුළුවන්. මේකට ඔයාගේ student ID එක SheerID එකෙන් verify කරගන්න ඕනි.

2. Adobe creative cloud discount

මෙහිදී ඔබට 60% discount එකක් ලබාගන්න පුළුවන්. Creative Clouds හි apps සියල්ල ලබාගත හැකිවේ.

3. Skillshare Student discount

මෙහිදී ඔබට 50% discount එකක් ලබාගන්න පුළුවන් අවුරුද්දකටම.

4. Student Advantage card

විවිධ online shopping sites වල (Samsung, Dell , Domino’s වැනි) discounts ලබාගත හැකිවේ.

5. Razer Student discount

15% දක්වා discount ලබාගත හැකිවේ.

6. BestBuy Student discount

විවිධ items වලට discounts හම්බෙනවා මේකෙන් buy කරොත්.

7. HP Student store

HP products ගන්න පුළුවන්.

8. UNiDAYS

Apple products ගන්න පුළුවන්.

මීට අමතරව තව ගොඩක් benefits හම්බවෙනවා Student E-mail එකට. සමහර services නම් government university වල අයට ගන්න බැහැ ඒ E-mail එකෙන් (ගොඩක්ම discounts යටතේ සමහර ඒවා). Private university අයට Foreign university එකකට affiliate වෙලානම් ගන්න පුළුවන්.

Pasindu Malinda

ඔයාලා දන්න තව දෙවල් comment කරන්න

Share.
Leave A Reply

Exit mobile version