මේ දවස්වල හම්බෙන යාළුවෝ පවා අහන ප්‍රශ්නයක් තමයි මේ MTFE Platform එකෙන් සල්ලි හොයන්න පුළුවන් ද? ඒක pyramid business එකක්ද කියලා

කලිනුත් review කරා Website එක ගැන,

තේරෙන විදිහට මෙහෙම කියන්නම්

පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු :

යම් මූල්‍ය යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිමිකම ලබා ගැනීම සඳහා ගෙවීමක් සිදු කර ඒ සඳහා ආදායමක් ලබාගැනීම පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස හදුන්වයි.

මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ අලුතින් ව්‍යාපාරයට එක්වුන පුද්ගලයින් තමාට ආදායම් උපයා ගැනීමට අවශ්‍ය නම් තව තවත් නව සාමාජිකයන්ට මේ ව්‍යාපාරය හඳුන්වා දිය යුතු වීමයි.

ශ්‍රීලංකා මහ බැංකුව මගින් මේ සම්බන්ධව නිකුත් කර ඇති විස්තර(PDF)

https://drive.google.com/…/1eIrm5a82g3gynkpgltKQel…/view

Ponzi schemes යනු :

Pyramid යෝජනා ක්‍රමවල updated version එකක් කිව්වොත් හරි. මෙතන තියෙන විශේෂත්වය තමා කලින් කතා කරපු ඒවාගේ වගේ පිරමීඩාකාර ව්‍යුහය අපට හඳුනා ගන්න නොහැකිවීම සහ කලින් වගේ තැරැව්කරුවෙකු ඇතිව හෝ නොමැතිව කෙලින්ම මේ දානෙට සම්බන්ධ වීමට හැකියාව ලැබීම.

මේ ක්‍රමයේ දී වැඩිපුරම ඇහෙන වචනයක් තමයි ආයෝජනය (investment). ඇත්තටම මෙතනදි වෙන්නේ යම්කිසි සමාගමක් හෝ පුද්ගලයෙක් කියනවා අපේ සමාගමට ඔයාලා මෙච්චර ගානක් ආයෝජනය කරොත් අපි ඔයාට මේ කාලය ඇතුළත දී ඔයා දාපු ගාන වගේ සියයට මේ ප්‍රමාණයක් වැඩිපුර ගෙවනවා(as profit) වගේ කතාවක්. සාමාන්‍යයෙන් ගණන් බලපුවාම ඒක බැංකුවේ ස්ථාවර තැන්පතුවක(Fixed deposit) දෙන පොලී අනුපාතිකය ටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඔන්න ඔය හේතුව නිසා තමයි මිනිස්සු මේකට වැඩිපුර පෙලබෙන්නේ. මේ ක්‍රමයේ දී ඔයාලට පුළුවන් පහත දේවල් දැකගන්න.

Referral earning (අලුතෙන් කට්ටියව enroll කරලා commission එකක් ගැනීම)

Investment plans ( මේවට ලස්සන නම් පාවිච්චි කරනවා උදා: 10 dollars per day , Gold member package , Silver member package)

Daily tasks (ex : AI trading ලු , Points collecting, විනාඩි පහයි ට්‍රේඩ් එක දාලා නිදාගන්න)

Cryptocurrency ලු.

Reputation හදාගන්න අහිංසක මිනිස්සු ටිකකට උදවු කරනවා, branch openings

රාජ්‍ය, පෞද්ගලික ආයතනවල වැඩ කරන අය පවා මුදල් ආයෝජනය කිරීම(මේකත් reputation හදාගන්න කියලා හිතන්න පුළුවන්)

ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද?

ඔව්, පුළුවන් නමුත් ඒ වංචනික ක්‍රමවලට.

මේවා promote කරන, මුදල් උපයන අයට මොකද වෙන්නේ?

1988 අංක 30 දරණ බැංකු පනතේ 83 සී වගන්තියට මෙවැනි ජාවාරමකට කුමන ආකාරයෙන් හෝ සම්බන්ධ වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, ඒ අනුව බරපතළ වැඩ ඇතිව හෝ නැතිව උපරිමය අවුරුදු තුනක් වන සිරදඩුවමක් නැත්නම් උපරිමය රුපියල් මිලියනයක දඩයක් එහෙමත් නැත්තං ඒ දෙකම ලැබෙන්නත් පුළුවන්.

ඒ වගේම 1988 බැංකු පනතේ එන ඉහත විධිවිධාන කඩ කිරීම වගේම 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේත් දඬුවම් කිරීමට හේතු වෙනවා.

ඔබ ව මෙවැනි ව්‍යාපාරයකට නෑ නෑ එහෙම කියන්න බෑ, මෙවැනි වංචාවකට හසු කරගැනීමට විවිධ දේවල් සිදු කරයි,

1. Meet-up

2. Trips

3. Wow කියලා හිතෙන programs

4. Online meetings

මෙහිදී ඔබ සැලකිලිමත් ව කටයුතු කළ යුතුයි මෙවැනි දේවල් වලට යොමුවීම වලක්වා ගැනීමට.

මේක කරන සමහර අය ඇත්තටම දන්නේ නෑ මේක මොකක්ද මොනාද වෙන්නෙ කියලා, එහෙම අයට දැනගන්න තමයි මේක ලිව්වේ.

මේක මොකක්ද කියලා දැනගෙන කරන ජීවීන් කොට්ඨාසයකුත් ඉන්නවා ඉතින්.

මේකෙ මං දකින භයානකම දේ තමයි මේ method දෙකේම තමන්ගේ position එක උඩම කියලා හිතෙන එක හා එලෙස ඒත්තු ගැන්වීම

මෙහෙම platform එකක් උපරිම දුවන්න පුළුවන් යම් කාලසීමාවක් එනවා. සමහර ඒවා මාස 03 – 05 , අවුරුදු 1-2 වගේ.

මං හිතනවා දැන් ඔයාලට මේ platforms ගැන හොඳ අදහසක් ආවා කියලා.

0
  • User Ratings (1 Votes) 10
Share.
Leave A Reply

Exit mobile version