බලලා delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos leak කරනව කියල තර්ජනය කලොත්?
ඔයාගේ හිටපු Boyfriend, නැත්නම් දැනට තරහ වෙලා ඉන්න Boyfriend හෝ වෙනත් පිරිමි කෙනෙකු ඔයාගේ අතිශය පුද්ගලික photos Facebook වලට හෝ WhatsApp group වලට දානවා කියලා ඔයාට තර්ජනය කරනවා නම් හෝ ඔයාගෙන් අයුතු දෙයක් බලාපොරොත්තු වෙනවානම්,
සාපරාධි බියගැන්විම(Criminal intimidation) යන චෝදනාව (දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලීසියට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ඔබ දන්නවාද ?
ඒ වගේ කවුරු හරි ඔයාව බය කළොත් හෝ ඒ photos upload කරනවා කියලා කවුරු හරි කිව්වොත් ගොඩක් ගෑනු ළමයි බය වෙන එක තමා සිද්ධ වෙන්නේ.
ඒ වගේම ගොඩක් අය බයටම ඒ පුද්ගලයා කියන දේවල් වලට අවනත වෙන්න හදනවා. එහෙමත් නැත්නම් වහ බීල හරි, එල්ලිලා හරි මැරෙන්න හදනවා. ඇයි මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති කරගන්නේ ?
ඔයාල ඔයාලට හානියක් කර ගන්නේ නැතිව අපි බලමු නීතිමය වශයෙන් කරන්න පුළුවන් දේවල් මොනාද කියලා.
ළඟම පොලීසිය දැනුවත් කිරීම
1. පොලීසියට යන්න ඕනි. පොලිසියට නිකං යන්න එපා. ඔයා පොලීසියට යනවා නම් ඒ පුද්ගලයා ඔයාට තර්ජනය කරන messages වල screenshots හරි, තර්ජනය කරන calls වල recordings හරි අරගෙන යන්නම ඕනි.
2. පොලීසියට යනවනම් වැඩිහිටියෙක් එක්ක යනවනම් තමයි ගොඩක්ම හොඳ (ළඟම යාළුවෙක් හරි කමක් නෑ).
ළමා හා කාන්තා කාර්යාංශය
හිතන්නකෝ ඔයාට ළඟම පොලීසිය හරියට වැඩේ කරන්නේ නෑ කියලා, එහෙනම් ඉතිං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා කාර්යාංශය වෙත යන්න.
වැඩිදුර නීති උපදෙස්
අවශ්‍ය නම් ළඟම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සභාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.
අත්‍යවශ්‍ය දුරකථන අංක
1. කටයුතු අමාත්‍යාංශයේ hotline number – 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්.
2. පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය
දුරකථන අංකය: 011 244 4444
3. කාන්තා පිහිට (WIN)
දුරකථන අංකය : 077 567 6555, 077 734 9100, 011 267 1401-11, 011 461 5549
මේ ඔක්කොම කරන්න කලින් call එකක් දීලා උපදෙස් අරගෙන, එයාලා කියන හැම document එකක්ම අරගෙන යනවනම් ඔයාට ලේසි..
සමහර අවස්ථාවන් වලදී, නඩු කටයුතු වලදී ඔයාට උසාවියට යන්න අවශ්‍ය නැහැ.
ඔයාගේ voice recording එකක්, ලිඛිත ලියවිල්ලක් හොඳටම ඇති ඒ පුද්ගලයාට විරුද්ධව උසාවියේ නඩුවක් උනත් දාන්න. අන්න ඒක නිසා තමන්ගේ වටිනා ජිවිතේ නාස්ති කර ගන්නේ නැතුව හරිම දේ කරන්න.
පළවෙනි පාරටම ලීක්/බ්ලැක්මේල් කරනවා කියලා කියපු ගමන් cert එකට පැමිණිල්ලක් දාන්න. report@cert.gov.lk
මේකට මේල් එකක් දාලා පැය කිහිපයක් තුල CID හෝ telligp එකට (http://telligp.police.lk) පැමිණිල්ලක් දාන්න කියන guidance ඔයාට ලැබෙනවා
ඊට පස්සේ අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනට සිද්ධ වෙනවා
ඒක නිසා බය වෙන්න එපා.
Reference : http://parliament.lk/…/performance-report-ministry-of…
පහළ ලින්ක් ඔයාට වැදගත් වෙන Phone numbers ගන්න පුළුවන්.