Google Chrome සහ Microsoft Edge යනු විශේෂාංග රැසක් ලබා දෙන ජනප්රිය Web browsers දෙකක්. වර්තමානයට ගැලපෙන හොඳම web browser එක මොකක්ද කියලා අපි බලමු.
Google Chrome හි features :
1. Google Chrome යනු Google ආයතනයේ නිපැයුමක් වන අතර Chromium open source වෙබ් බ්රවුසරය පාදක කරගෙන ඇත.
2. Web browse කිරීම වේගවත් සහ සැහැල්ලු වුවද Ram එකේ වැඩි ඉඩක් භාවිත වේ.
3. Chrome operating systems ගණනාවක් එක්ක compatible වේ.
4. User friendly UI එකකින් යුක්ත වේ.
5. Chrome හි security features ගණනාවක් ඇත.
6. විවිධ extensions , plugins Google Chrome සමග පාවිච්චි කරන්න පුළුවන්.
Microsoft Edge හි features :
1. වැඩිදියුණු කළ Microsoft Edgeල Google Chrome මෙන්ම Chromium විවෘත මූලාශ්ර බ්රවුසරය පාදක කරගෙන සාදා ඇත.
2. Edge හි performance, privacy and security ගත්තම Google Chrome ට වඩා ඉදිරියෙන් සිටී.
3. Phishing වැනි මෙහෙයුම් ක්රියාත්මක වන හෝ malware වලින් ආසාදිත වෙබ් අඩවි වලින් පරිශීලකයින් ආරක්ෂා කිරීමට, Microsoft Edge හි SmartScreen පද්ධතියකින් සමන්විතවේ. එය Google Chrome වලට වඩා හොඳින් ක්රියා කරයි.
4. වින්ඩෝස් 11 සඳහා default browser එකද MS Edge වේ
5. Google Chrome ට වඩා අඩු resources ප්රමාණයක් භාවිතා කරයි. (Ram එකෙහි අඩු ඉඩක් භාවිත කිරීම).
Google Chrome එහි speed, lightweight නිසා බොහෝ දෙනා භාවිත කරන අතර,MS Edge එහි Performance, Privacy and security එක ඉතා හොඳ නිසා සමහරු භාවිතා කරනවා. ඔයා use කරන්නේ මොන web browser එකද කියලා comment කරන්න.